පෙම්වතිය දෙනෝදාහයක් ඉදිරියේ නිරුවත් කල තරුණයෙක්

විවාහය වෙනුවෙන් දෙමවුපිය අවසරය ඉල්ලා, තම පෙම්වතිය දෙනෝදාහයක් ඉදිරියේ නිරුවත් කර ප‍්‍රාණ ඇපයට ගත් තරුණයෙකු ගැන චීනයෙන් වාර්තා විය.
ඉදිකිරීමේ ක්ෂේත‍්‍රයේ රැුකියාවක නිරත මේ තරුණයා තම පෙම්වතිය මේ ආකාරයෙන් ප‍්‍රාණ ඇපයට ගෙන, ඇයද නිරුවත් කර, තමාද නිරුවත් වෙමින් මහා කලබැගෑනියක් සිදුකර තිබුනේ තරුණියගේ දෙමවුපියන් සිය දියණිය මොහුට සරණපාවා නොදෙන බවට තරයේ පවසා තිබූ නිසාවෙනි.
තම ඉල්ලීමට යටත් නොවන්නේ නම් අත වූ මන්නා පිහියෙන් කපා පෙම්වතිය මරා දමන බවට තර්ජනය කරමින් වහලක් මතට නැගී සිටි මොහු 32 හැවිරිදි ලින් නමැත්තෙකු බව පසුව හඳුනා ගෙන තිබේ.

භීතිය හා ත‍්‍රාසය මුසු කළ අත්දැකීමක් වූ මේ සිදුවීම දෙස සිය ගණන් අසල්වාසීන් පහළ සිට බලා සිටි අතර, පොලිස් හා හමුදා නිලධාරීන් ඔහු රැුඳී සිටි වහල අවට රැුකවළලා සිටිනු දැකිය හැකිවිය. එක් අවස්ථාවක, තම පෙම්වතියට සිය ඇඳුම් උනා දමන්න යැයි අණ කරන මොහු තවත් වරෙක තමන්ගේද ඇඳුම් සියල්ල ගලවා ඉවත් කරමින් නිරුවතින් යකා නැටූ බවද කියැවෙයි.